Wednesday, January 1, 2020

ළමා විය


වෙල් එළියේ, ලදු කැළයේ
ඇළේ, දොළේ
මඩ වගුරේ
දුවපැන
කෙළිදෙලෙන්  ගත කළ
අපේ ළමා විය
සුවදැති මතකයකි
සැමදාම සිත
සුවපත් කරවනා................

පොත් පත් අතරේ
පරිගනකයේ‍
රූපවාහිනියේ
ජංගම දුරකතනයේ  සිරවූ
සිත්පිත් නැති රොබෝ වැනි වු
අපේම දරුවන්ගේ ළමා විය
අමිහිරි මතකයක් නොම වේද
ළමා වියටත් වෛර කරවනා...............


Saturday, December 14, 2019

කහ ඉර


කහ ඉරත් මරු කපොල්ලකි
දිවි පරදුවට තබා තරණය කළ යුතු
තිරිංග නොමැති සේ එහෙ මෙහෙ දුවනා
වාහන අතරේ...............


දිනපතා මරු කපොලු තරණය කරනා
අපිද ජයග්‍රාහකයෝ වෙමු
එනමුදු රන් පදක්කම්
නොලබනා..............

Thursday, December 12, 2019

මහිමිසද



එදා මහද ගැබ එකලු කරමින්
උදාවූ සරා සද ඔබමය
කවි ඇසින් දුටු සොදුරු පියකරු වූ


එදා පෑයූ සරාසදමය  අදත් ඔබ මට
මහද අඹරේ පායා
දිලෙන