Wednesday, January 1, 2020

ළමා විය


වෙල් එළියේ, ලදු කැළයේ
ඇළේ, දොළේ
මඩ වගුරේ
දුවපැන
කෙළිදෙලෙන්  ගත කළ
අපේ ළමා විය
සුවදැති මතකයකි
සැමදාම සිත
සුවපත් කරවනා................

පොත් පත් අතරේ
පරිගනකයේ‍
රූපවාහිනියේ
ජංගම දුරකතනයේ  සිරවූ
සිත්පිත් නැති රොබෝ වැනි වු
අපේම දරුවන්ගේ ළමා විය
අමිහිරි මතකයක් නොම වේද
ළමා වියටත් වෛර කරවනා...............