Wednesday, January 1, 2020

ළමා විය


වෙල් එළියේ, ලදු කැළයේ
ඇළේ, දොළේ
මඩ වගුරේ
දුවපැන
කෙළිදෙලෙන්  ගත කළ
අපේ ළමා විය
සුවදැති මතකයකි
සැමදාම සිත
සුවපත් කරවනා................

පොත් පත් අතරේ
පරිගනකයේ‍
රූපවාහිනියේ
ජංගම දුරකතනයේ  සිරවූ
සිත්පිත් නැති රොබෝ වැනි වු
අපේම දරුවන්ගේ ළමා විය
අමිහිරි මතකයක් නොම වේද
ළමා වියටත් වෛර කරවනා...............


2 comments:

  1. මේ ලස්සන කවිය නිසා මට මේ ලස්සන ගීතය මතක් වුණා. :)

    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ....//

    වෙල්යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
    ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාවේ....//
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සංකේත වු වාසනාවේ ගම්මානේ

    කන්දේ ලන්දේ...

    ඇල් හේනේ රැක් සෙවණේ ගෙපැලේ විහාරේ
    පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ....//
    මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ

    කන්දේ ලන්දේ...

    ගායනය, පද හා තනුව - ආචාර්ය රෝහණ බැද්දගේ

    ReplyDelete
  2. ඇත්තමයි මම ලියූ එකට වඩා ගොඩාක් ලස්සනයි මේ සින්දුව. රෝහණ බැද්දගේ මහත්මයගේ හඩින් මේ සින්දුව අහගෙන ඉන්දැද්දී දැහැනකට සම වැදිල වගේ ළමා කාලයට හිතින් යන්න පුළුවන්. මගේ කවියට ලස්සනයි කිව්වට ගොඩාක් ස්තූතියි ඔයාට. මාව මේ තැනට ගෙනාවේ ඔයා. මට ලස්සන අදහස් හිතට ආවට තවම ඔයාට වගේ ලස්සනට අකුරු කරන්න බෑ. ඒ වුනාට මම ආසයි ලියන්න. තව ඉස්සරහට යනකොට බලමුකෝ.

    ReplyDelete